අපගේ දැක්මඅපගේ දැක්ම
"විශ්වාසයෙන් විශීෂ්ටත්වයට"
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින්,නිසි මග පෙන්වාදෙමින්,
අවැසි පහසුකම් සලසමින්,නිරතුරු විපරමින් යුතුව,
ප්‍රදේශයේ පුද්ගල හා සමාජ තත්වයන්ඉහල නැංවීමට
කටයුතු කිරීම
දළ විශ්ලේෂණය
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරමිභක කාර්යය මණ්ඩලය ලෙස ප්‍රධාන ලිපිකරු ඇතුලුව ලිපිකරුවන් දෙදනෙකු විය. ආරමිභකඅවස්ථාව සිට අද දක්වා උප දිසාපති වරුන් තුන්දෙනෙක් මෙම ලුණුගල උප දිසාපති කොටිඨාසයේ සේවය කර ඇත. මුලින්ම ලුණුගල උප දිසාපතිකාර්යාලය විවෘත කල කාලයතුල උපදිසාපති වරයෙකු නොවු අතර එවකට පස්සර උපදිසාපති කාර්යාලයේ උප දිසාපති ලෙස කටයුතු කළ ඒ.ජී.. සමරතුංග මහතා වැඩ බැලිමට පත් කොට තිබුණි. එතුමා 2001 අගෝස්තු 27 දක්වා මෙම කොටිඨාසය තුල උප දිසාපති ලෙස කටයුතු කරන ලදි.
2001 අගෝස්තු 27 දින සිට ලුණුගල උපදිසාපති කොටිඨාසයේ උපදිසාපති ලෙස ඩබි.ජී. නාපාවල මහත්මා පත්කොට තිබුණි. එතුමා 2001 අගෝස්තු 27 වන දින සිට 2003 නොවැමිබර් 27 දක්වා මෙම කොටිඨාසය තුල උප දිසාපති ලෙස කටයුතු කර තිබුණි. ඉන්පසු 2003 නොවැමිබර් 27 දින සිට 2006 පෙබරවාරි 25 දක්වා ජේ. එමි. එස්. ජයසුන්දර මහත්මා ලුණුගල උප දිසාපති ලෙස සේවය කරන ලදි. 2006 පෙබරවාරි 25 දින සිට අද දක්වා මෙම කොටිඨාසය තුල උප දිසාපති ලෙස පී. එස්. පී. අබෙවර්ධන මහත්මා සේවය කරනු ලබයි.සුමුදුගම ග්‍රාම නිලධාරි වසම තුල ඉදිකළ නව උප දිසාපති කාර්යාලීය ගොඩණැගිල්ල 2006 දෙසැමිබර් මස 17 දින රාජ්ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්ය ගරැ සරත් අමුණුගම මැතිතුමා විසින් විවෘත කරන ලදි. ඉන් පසු බිබිල මාර්ගයේ පිහිටා තිබූ ප්‍රාදේශීය සභාවට අයත් වසා දමන ලදගම් සභා ගොඩණැගිල්ලේ පවත්වාගෙන ගිය ලුණුගල උප දිසාපති කාර්යාලය 2006 දෙසැමිබර් 17 වෙනි දින සුමුදුගම ග්‍රාම නිලධාරි වසම තුලඉදිකළ නව උප දිසාපති කාර්යාලීය ගොඩණැගිල්ල වෙත ගෙන එන ලදි.
දැනට ස්ථාපනය කර ඇති සුමුදුගම ග්‍රාම නිලධාරි වසම තුල ඇති නව උප දිසාපති කාර්යාල ගොඩණැගිල්ල පිහිටි භුමිය ලුණුගල පත්තිනිදේවාලයට අයත් වුවකි. එතැන් පටන් විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් අද පවත්නා තත්වය දක්වා මෙම කාර්යාලය දිනෙන් දින දියුණුවකරා පිය මනිමින් සිටී.















